අමගසාකි දුම්රිය අනතුරට වසර 18ක් සපිරේ

පසුගිය දිනක හ්යෝගෝ ප්‍රාන්තයේ අමගසාකි හි දුම්රිය පීලි පැනීමේ අනතුරට වසර 18ක් සනිටුහන් විය.
අනතුරින් රියදුරුට අමතරව මගීන් 106 දෙනෙකු මිය ගිය අතර තවත් 562 දෙනෙකු තුවාල ලැබීය.
2005 අප්‍රේල් 25 වැනි දින පෙරවරු 9.18 ට පමණ අනතුර සිදු වූ ස්ථානයේ පිහිටුවා තිබූ ඉනෝරි නො මෝරි නම් ස්ථානයේ අනුස්මරණ උත්සවයක් පැවැත්විණි.
JR ෆුකුචියාමා මාර්ගයේ පීලි පැනීමට ලක් වූ දුම්රිය ධාවනය කළ බටහිර ජපන් දුම්රිය සමාගම විසින් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර අනතුරින් තුවාල ලැබූ පවුල් සහ මගීන් ඇතුළු 285 දෙනෙකු සහභාගී විය.
258 Views
Comments