ලංකාවට යන්න ඉන්න JICA ස්වේච්ඡා සේවිකාවගේ අදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

ලංකාවට යන්න ඉන්න JICA ස්වේච්ඡා සේවිකාවගේ අදහස්

ලංකාවට යන්න ඉන්න JICA ස්වේච්ඡා සේවිකාවගේ අදහස්

මැයි මස 16 වැනි දින සිට ජාතික තරුණ සේවා සභාවේ මිරිගම පුහුණු මධ්‍යස්ථානයට අනුයුක්තව තරුණ කටයුතු ක්ෂේත්‍රයේ සේවය කිරීමට නියමිත JICA ස්වේච්ඡා සේවිකා කුරත තෝකො මෙනවිය ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහ එහි නිලධාරීන් හමුවී ලබාගත් අත්දැකීම් පහත අයුරින් දක්වා ඇත. 

 

“ආයුබෝවන්! 

මගේ නම කුරත තෝකො. JICA එකේ ස්වේච්ඡා සේවිකාවක්.

මම ලංකාවට යන්නේ මැයි මාසෙ 16 වෙනිදා හින්දා තාම ජපානයේ ඉන්නවා.

මම ජනවාරි මාසෙ ඉඳල මාර්තු වෙනකන් නගනො වල JICA කොමගනෙ පුහුණු මධ්‍යස්ථානයේ දී සිංහල ඉගෙන ගත්තා. ලංකාවට යෑමට තව මාස දෙකක් තිබුනා හින්දා ජපානයෙ දී ලංකාවේ අයව හම්බ වෙන්න ඕනැ කියල මම හිතුවා. ඉතින් මට ශ්‍රී ලංකා තානාපතිතුමාව හම්බ වෙන්න ලැබුනා. 

 

පෙරේරා තානාපතිතුමා බොහොම කරුණාවන්තයි. මගේ සිංහල තාම එච්චර දක්ෂ නැති වුණාට එතුමා මගේ කතාවට හොඳින් සවන් දුන්නා. තානාපතිතුමයි තානාපති අංශයේ අයයි එක්ක සිංහලෙන් කතා කළ එක බොහොම හොඳ අත්දැකීමක් වුණා. 

 

ඉතින් අප්‍රේල් මාසෙ 16 වෙනිදා සයිතම ප්‍රාන්තයේ කසුකබෙ වල දී පැවැත්වුණ අලුත් අවුරුදු උත්සවයේ දී ඔසරිය ඇන්ඳා. 

 

මේවා හරහා මට ගොඩක් ලංකාවේ අයව හම්බ වුණා. ඔක්කොමලා බොහොම කරුණාවන්තයි හින්දා මට බොහොම සන්තෝෂයි. එයාලගෙ පිහිටෙන් ගමන් සාංකාව අඩු වුණා විතරක් නෙමෙයි, ලංකාවේ දී උපරිමය කරන්න මගේ ආශාව තවත් ශක්තිමත් වුණා. ලංකාවේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියල මම හිතනවා වුණාට දේශීය අයත් එක්ක ජීවත් වෙලා ලබා ගන්න අවබෝධයෙන් මට පුළුවන් දේවල් උපරිමය කරන්න ඉන්නවා. 

 

පෙරේරා තානාපතිතුමා, තානාපති අංශයේ නිලධාරීන්, මේ වගේ හොඳට කාලය ලබා දුන්න එක ගැන බොහොම ස්තුතියි.”

views

260 Views

Comments

arrow-up