MAR
07
ඉන්චියොන් දේවස්ථානයේ ගින්නක්

ඊයේ(06) සවස 4.30 ට පමණ හ්යෝගෝ ප්‍රාන්තයේ නිෂිනොමියා නගරයේ ඩැන්ජෝ-චෝ හි පිහිටි ඉන්චියොන් දේවස්ථානයේ ගින්නක් හටගෙන තිබේ.
දේවස්ථාන ගොඩනැගිල්ලේ දෙවන මහල ගිනිගෙන ඇති අතර ගින්න නිවීම සඳහා නිෂිනොමියා නගරයේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ 10කට වැඩි ප්‍රමාණයක් පිටත් කර යවා ඇත.
ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව ගින්න හටගන්නා අවස්ථාවේ දේවස්ථානයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ගොඩනැගිල්ලේ සිට ඇතත් ඔවුන් බේරී ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
258 Views
Comments