මෝටර් රථයක් අකාෂි ගඟට වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

මෝටර් රථයක් අකාෂි ගඟට වැටේ

මෝටර් රථයක් අකාෂි ගඟට වැටේ

ඊයේ (25) අලුයම 5.20 ට පමණ මියාගි ප්‍රාන්තයේ ටොමියා නගරයේ අකාෂි මත්සුඩා ප්‍රාන්තයේ දී මෝටර් රථයක් මාර්ගය අයිනේ තිබූ ආරක්ෂක වැටක් කඩාගෙන අකාෂි ගඟට වැටී ඇත. 

 

මෝටර් රථයේ සිටි යමගාටා නගරයේ පදිංචි 18 හැවිරිදි සමාගම් සේවකයෙකු අනතුරින් තුවාල ලබා සෙන්ඩායි නගරයේ රෝහලකට ගෙන යන ලද අතර එහිදී ඔහු මියගොස් තිබේ.

 

මෙම පුද්ගලයා තනිවම රිය පදවාගෙන යමින් සිටියදී වැටෙන්නට ඇතැයි උපකල්පනය කරමින් යමටෝ පොලිසිය තත්ත්වය සවිස්තරාත්මකව විමර්ශනය කරයි.  

views

279 Views

Comments

arrow-up