APR
16
කූඩාරමක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

අද (16) අලුයම 3.15 ට පමණ Sagamihara නගරයේ Midori Ward හි Sunzawa Arashi හි Niido කඳවුරු භූමියේ කූඩාරමක් මතට ගසක් කඩා වැටීමෙන් එහි නිදා සිටි සමාගම් සේවිකාවක් වන Marina Nakamura ජීවිතක්ෂයට පත්ව තිබේ.
කූඩාරමේ සිටි ඇගේ සැමියාබෙල්ල කැඩීමෙන් බරපතළ තුවාල ලබා තිබේ.
කනගාවා ප්‍රාන්ත පොලිසියේ Tsukui පොලිස් ස්ථානයට අනුව ගස මීටර් 18 ක් පමණ උස වන අතර විෂ්කම්භය සෙන්ටිමීටර 70 ක් පමණ වේ. 15 වැනිදා රාත්‍රිය වනතුරුම කඳවුරු භූමියට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී තිබේ.
227 Views
Comments