අධික වර්ෂාවෙන් ගමනාගමනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

අධික වර්ෂාවෙන් ගමනාගමනයට බාධා

අධික වර්ෂාවෙන් ගමනාගමනයට බාධා

වර්ෂාව හේතුවෙන් ජපානයේ ප්‍රධාන දිවයින වන හොන්ෂු හි ගුවන් සහ ගොඩබිම් ගමනාගමනය අඩාල වී තිබේ.

 

ඒ අනුව අද (16) පෙරවරු 11 වන විට ටෝකායි සහ කිංකි ප්‍රදේශවල අධිවේගී මාර්ගවල කොටස් අවහිර වී ඇත.

 

බලපෑමට ලක් වූ කොටස් වලට Shizuoka ප්‍රාන්තයේ Shin-Tomei අධිවේගී මාර්ගය සහ Tomei අධිවේගී මාර්ගය, Gifu ප්‍රාන්තයේ Tokai-Hokuriku අධිවේගී මාර්ගය සහ Osaka සහ Hyogo ප්‍රාන්තවල Shin-Meishin අධිවේගී මාර්ගය ඇතුළත් වේ.

 

ගුවන් ගමන් දුසිම් ගණනක් අවලංගු කළ බව ගුවන් සේවා ක්‍රියාකරුවන් ද නිවේදනය කළහ.

 

පීච් ඒවියේෂන් ගුවන් ගමන් 25ක් ද, ස්කයිමාර්ක් එයාර්ලයින්ස් ගුවන් ගමන් 4 ක් ද, ඕල් නිපොන් එයාර්වේස් තුනක් ද, ජපාන ගුවන් සේවය දෙකක් අවලංගු කළ අතර සොලසීඩ් එයාර්, ජෙට්ස්ටාර් සහ අයිබෙක්ස් එයාර්ලයින්ස් එක බැගින් අවලංගු කර තිබේ.

 

views

294 Views

Comments

arrow-up