ජපානය සහ එක්සත් ජනපදය සහෝදර උද්‍යාන ගිවිසුමකට එළඹීමට තීරණයක්

දෙවන ලෝක සංග්‍රාමයේ මතකයන් වෙනුවෙන් කැප වූ ජපානයේ සහ එක්සත් ජනපදයේ උද්‍යාන දෙකක් මිත්‍ර සබඳතා ඇති කර ගැනීමට සූදානම් වේ.
එම පියවර මගින් තරුණ පරම්පරාවන්ට සාමයේ වැදගත්කම පිළිබඳව ඉගෙන ගැනීමට උපකාර කිරීමට දෙරට අදහස් කෙරේ.
ඒ අනුව හිරෝෂිමා නගර බලධාරීන් පවසන්නේ එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තයේ සාම අනුස්මරණ උද්‍යානයේ සහ පර්ල් වරායේ ජාතික අනුස්මරණ නියෝජිතයින් ලබන සතියේ සහෝදර උද්‍යාන ගිවිසුමකට අත්සන් කරන බවයි.
මැයි මාසයේ හිරෝෂිමා හි පැවති G7 සමුලුවට පෙරාතුව එක්සත් ජනපද පාර්ශවය අප්‍රේල් මාසයේදී මෙම විධිවිධානය යෝජනා කළ බව නගර බලධාරීහු පවසති.
227 Views
Comments