ජපානයේ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජිතායතනය කියෝතෝ වෙත ගෙන ගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ජපානයේ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජිතායතනය කියෝතෝ වෙත ගෙන ගෙන යයි

ජපානයේ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජිතායතනය කියෝතෝ වෙත ගෙන ගෙන යයි

ජපානයේ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජිතායතනය තෝකියෝවේ සිට කියෝතෝ වෙත ගෙන ගොස් තිබේ.

 

එය තෝකියෝවෙන් පිටත සිය කාර්යාලය මාරු කළ පළමු රජයේ ආයතනයයි.

 

ආයතනයේ ප්‍රධානියා වන ටොකුරා ෂුනිචි සහ නිලධාරීන් 20කට වැඩි පිරිසක් අද (27) ඔවුන්ගේ නව කියෝතෝ කාර්යාලයේ වැඩ කිරීමට පටන් ගත් අතර තවත් 40කට අධික පිරිසක් දැනටමත් එහි සිය කාර්යයන් ආරම්භ කර ඇත.

 

ටෝකුරා සහ සමහර ප්‍රාදේශීය නියෝජිතයෝ ආයතනය විවෘත කිරීම සනිටුහන් කිරීම සඳහා නව ගොඩනැගිල්ල ඉදිරිපිට උත්සවයක් ද පැවැත්වූහ.

views

242 Views

Comments

arrow-up