JUN
16
මවට පහරදුන් පුත්‍රයා අත්අඩංගුවට

Chiba ප්‍රාන්ත පොලිසියේ Futtsu ස්ටේෂන් විසින් 68 හැවිරිදි පුද්ගලයෙකු ඔහු සමඟ ජීවත් වන තම මවට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා පසුගිය 14 වැනිදා පෙරවරු 11 ට පමණ නිවස තුළදී තම මවගේ මුහුණට කිහිපවරක් පහරදී තුවාල කර ඇති බවට සැක කෙරේ.
ඔවුන් දෙදෙනා එකට ජීවත් වී ඇති අතර පහරදීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
258 Views
Comments