MAR
13
මව ඝාතනය කළ දියණිය

සිය 56 හැවිරිදි මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 33 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඔසාකා ප්‍රාන්තයේ සෙට්සු හි පොලිසිය ඊයේ(12) ප්‍රකාශ කළේය.
පොලිසියට අනුව යසුකෝ යමඩා නම් සැකකාරිය ඇගේ මව වන අට්සුකෝට පහර දී ඝාතනය කර තිබේ.
අට්සුකෝගේ නාසය කැඩී, අත කැඩී ඉළ ඇටයට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
තමා සහ ඇගේ මව නිතර රණ්ඩු වන බවත් තම මවට පහර දී ආරවුල නැවැත්වීමට පමණක් අදහස් කළ බවත් යමඩා පොලිසියට පවසා තිබේ.
241 Views
Comments