ජපානය ඝානාවේ වෘත්තීය පාසලක් ඉදිකිරීමට සැරසේ

තෝකියෝ පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් ඝානාවේ වෘත්තීය පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ගෘහ නිර්මාණ ශිල්පී Kengo Kuma විසින් පාසල නිර්මාණය කරන අතර ඝානාවේ වයස අවුරුදු 18 සිට 35 දක්වා තරුණ තරුණියන්ට පෙදරේරු, ජලනල හා වෙනත් වෘත්තීන් පිළිබඳ අධ්‍යාපනය ලබා දෙනු ඇත.
SDGs Promise Japan විසින් ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ඇති අතර මෙම ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස Kuma ගෙන් ඉල්ලා තිබුණි.
දැනට ව්‍යාපෘති පිරිවැය යෙන් මිලියන 200 ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇති අත එය රජයේ නිල සංවර්ධන ආධාරවලින් ලැබෙන අරමුදල්වලින් අර්ධ වශයෙන් ගෙවනු ලැබේ.
256 Views
Comments