Gifu ප්‍රාන්තයේ රේස් අශ්වයෙකු පලා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

Gifu ප්‍රාන්තයේ රේස් අශ්වයෙකු පලා යයි

Gifu ප්‍රාන්තයේ රේස් අශ්වයෙකු පලා යයි

Gifu ප්‍රාන්තයේ ප්‍රාදේශීය තුරඟ තරඟ සංගමයේ ධාවන අශ්වයෙකු පැන ගොස් ඇති බව වාර්තා වේ.

 

පෙරේදා (08) අලුයම 3.35 ට පමණ එන්ජෝජි ඉස්තාලයේ සිට පිරිමි අශ්වයකු පුහුණුවීම් සඳහා කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි ධාවන පථයක් දෙසට කැඳවා ගෙන යන අවස්ථාවේදී එක්වරම කලබලයට පත් වී පලාගොස් තිබේ.

 

අශ්වාරෝහකයාගේ වම් අතේ සුළු තැළීමක් ඇති වූ නමුත් මහජනයාට කිසිදු තුවාලයක් සිදුව නැත.

 

කෙසේවෙතත් මෙවැනි සිද්ධි නැවත ඇතිවීම වැලැක්වීම සඳහා සංගමය විසින් සියලුම පුහුණුකරුවන් වෙත විද්‍යුත් තැපෑලක් යවා පටි නිවැරදිව සවි කර ඇත්දැයි තහවුරු කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. 

 

 

views

247 Views

Comments

arrow-up