ජපානයේ Suzume චීනය සහ දකුණු කොරියාව කළඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ජපානයේ Suzume චීනය සහ දකුණු කොරියාව කළඹයි

ජපානයේ Suzume චීනය සහ දකුණු කොරියාව කළඹයි

ජපානයේ අධ්‍යක්ෂක ෂින්කායි මැකෝටෝගේ Suzume සජීවිකරණ චිත්‍රපටය නැරඹීමට චීනයේ සහ දකුණු කොරියාවේ සිනමා රසිකයෝ සිනමාහල් වෙත ඇදී එන බව වාර්තා වේ.

 

චිත්‍රපටය මේ වනවිට ජපානයට වඩා චීනයේ බොක්ස් ඔෆිස් ආදායම් උපයා ඇත.

 

"Suzume" කුඩා කාලයේදී දරුණු භූමිකම්පාවකට මුහුණ දුන් උසස් පාසල් දැරියකගේ කතාවකි.  

 

මෙය පසුගිය මාසයේ චීන සහ දකුණු කොරියානු සිනමාහල් වෙත පැමිණියේය. චිත්‍රපට බෙදාහරින්නන් පැවසුවේ එය මේ වනවිට චීනය තුළ පමණක් ඩොලර් මිලියන 110කට ආසන්න මුදලක් උපයා ඇති බවයි.

 

මෙම චිත්‍රපටය ආදායම සහ ප්‍රේක්ෂක සංඛ්‍යාව යන දෙඅංශයෙන්ම චීනය තුළ ප්‍රදර්ශනය වන ජපන් චිත්‍රපට ලැයිස්තුවේ ඉහළින්ම සිටී.

 

views

253 Views

Comments

arrow-up