MAR
29
තෝකියෝහි නිවසකින් මළසිරුරු 2ක් සොයාගැනේ

63 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 92 හැවිරිදි පියා තෝකියෝ හි හචියෝජි හි පිහිටි ඔවුන්ගේ නිවසේදී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
සමාගම් සේවකයෙකු වූ Mitsuo Usui විසින් ඔහුගේ පියා Mitsugu හට පිහියෙන් ඇන ඝාතනය කර පසුව සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක කරයි.
වෙනත් තැනක ජීවත් වන මිට්සුගුගේ දියණිය සඳුදා පෙරවරු 11.20 ට පමණ නිවසට ගිය විට මළ සිරුරු දෙක සොයාගෙන 119 ඇමතූ බව වාර්තා වේ.
286 Views
Comments