දස හැවිරිදි පුතු ඝාතනය කිරීමට තැත් කළ මව අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

දස හැවිරිදි පුතු ඝාතනය කිරීමට තැත් කළ මව අත්අඩංගුවට

දස හැවිරිදි පුතු ඝාතනය කිරීමට තැත් කළ මව අත්අඩංගුවට

සිය 10 හැවිරිදි පුත්‍රයාගේ පිටුපසට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 46 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් චිබා නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සිද්ධිය සෙනසුරාදා අලුයම 4.20 ට පමණ සිදුවී ඇති අතර අදාළ කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා 119 අමතා තම මව සිය සහෝදරයාගේ පිටුපසට පිහියකින් කිහිප වතාවක් ඇන ඇති බව දන්වා ඇත.

 

පොලිසිය වහාම එම ස්ථානයට ගොස් ඇති අතර පළමු මහලේ නිදන කාමරය තුළ සිටියදී තුවාල වූ පිරිමි ළමයා සොයා ගන්නා ලදී.  

 

ඔහුව රෝහල් ගත කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පැවසුවේ ඔහුගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවයි.

 

එම අවස්ථාවේ කාන්තාවගේ සැමියා නිවසේ සිට ඇති නමුත් සිද්ධිය වන විට දෙවන මහලේ නිදාගෙන සිට ඇත.

 

පොලිසිය පැවසුවේ තම පුතාට පිහියෙන් ඇනීමට අදාළ කාන්තාව මෙතෙක් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති බවයි.

 

views

216 Views

Comments

arrow-up