ජපානය කාර්මික රටක් ලෙස නැගී සිටියේ කෙසේද?

විවිධ හේතුන් කිහිපයක් විමසා බලමු.මුලින්ම ජපානයේ භූමිය පටුය, එමෙන්ම කෘෂිකාර්මික කටයුතු කිරීමටද ඇතැම් ප්‍රදේශවල අපහසුය,එමෙන්ම යකඩ හා ඛනිජ තෙල් ආදී වූ ස්වභාවික සම්පත් සුළු වශයෙන් තිබුනත් ඒවා විදේශ රටවල් වලට අපනයටන කිරීමට නොහැකිය. එහි ප්‍රතිපලයක් වශයෙන් ජපානයට ලෝකය තුල ජීවත් වීමට විදේශ රටවල් වලින් කාර්මික අමුද්‍රව්‍ය ආනයනය කොට එමහින් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කර ඒවා අපනයනය කිරීමට ක්‍රමයක් සොයා ගැනීමට සිදුවිය.එවන් කාර්මික රටක් වීමට විද්‍යාව හා තාක්ෂණය දියුණු කර ගැනීමට සිදුවිය.
වෙවැනි හේතු කරණා බොහෝ අතර ජපනුන්ගේ වැඩ කිරීමට ඇති කැමැත්ත ප්‍රමුකත්වයක් ගනී.එය මුළු ලෝකයම දන්නා කරුණකි. එවැනි විවිධ කරුණු ඔස්සේ ජපානයේ කාර්මික සංවර්ධනය දිගින් දිගටම වර්ධනය වූ බව කිව හැකිය.ජපන් ජාතිකයන් ඉතා කුඩා දෙයක් පිළිවදව වුවද කල්පනාකාරී වන අතර ඕනෑම දෙයක් ඉතා වුවමනාවෙන් කිරීමට සමත්ය.එසේ වූ සියුම් දේවල් නිෂ්පාදන කිරීමට ජපන් ජාතිකයන් දක්වන්නේ පුදුම සහගත වූ දක්ෂත්වයකි. එමගින් Radio, TV, Camera මෙන්ම ඔරලෝසු වැනි නිෂ්පාදන බිහිවුනි.
ජපන් ජාතිකයන් අතීතයේ සිටම තම ජීවිතය පහසු කර ගැනීමට විවිධ දේ නිෂ්පානය කර භාවිතා කිරීමට සමත්ය. එවැනි යන්ත්‍රසුත්‍ර හා කාර්මික රොබෝවරු සහ විද්‍යුත් තාක්ෂණික බොහෝ විශේෂාංග සංකලනයක් සමග ජපන් වාහන ලොව පුරා ආනයනය කරන අතර එලෙසම ලොව පුරා විවිධ කර්මාන්ත ශාලා වල ජපන් වාහන නිෂ්පාදනය වේ.
අතීතයේ ලද අත්දැකීම් ඔස්සේ නිෂ්පාදනයේදී ඇතිවන පාරිසරික ගැටළු වලක්වා නව ක්‍රම වර්ධනය කරමින් සිටි. පරිසර සංරක්ෂණය සදහා අවශ්‍ය උසස් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සෑම වර්ගයේ කර්මාන්ත ආයතනයක් මගින්ම සංවර්ධනය කරමින් සිටි.
716 Views
Comments