2025 ඕසකා-කන්සායි එක්ස්පෝවට සැමරුම් කාසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

2025 ඕසකා-කන්සායි එක්ස්පෝවට සැමරුම් කාසියක්

2025 ඕසකා-කන්සායි එක්ස්පෝවට සැමරුම් කාසියක්

2025 ඕසකා-කන්සායි එක්ස්පෝව සිහිපත් කරමින් කාසි නිකුත් කිරීම ආරම්භ කර ඇත.

 

ඒ අනුව පළමු නිකුතුව සඳහා රිදී කාසි 50,000ක් නිෂ්පාදනය කිරීමට නියමිත අතර එහි මුහුණත වටිනාකම යෙන් 1,000 බැගින් වේ.

 

කාසිවල ඉදිරිපස පැත්තේ එක්ස්පෝවේ ලාංඡනය සහ ඕසකා නගරයේ, කොනොහානා වෝඩ් හි, එක්ස්පෝ ස්ථානය වන යුමේෂිමා නම් දූපතේ පින්තූරයක් මුද්‍රණය කර ඇත.  

 

මෙම කාසි මිලදී ගැනීම සඳහා වන අයදුම්පත් අගෝස්තු 28 දක්වා මින්ට් ඔන්ලයින් සාප්පුවෙන් සහ තැපැල්පත් මගින් පිළිගනු ලැබේ. අයදුම්පත් සංඛ්‍යාව පවතින කාසි ගණනට වඩා වැඩි නම් කුසපත් අදිනු ලැබේ.

views

370 Views

Comments

arrow-up