ජපන් සොල්දාදුවන්ගේ විස්තර ඇතුළත් ගැලරියක් ඉන්දුනීසියාවේ විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ජපන් සොල්දාදුවන්ගේ විස්තර ඇතුළත් ගැලරියක් ඉන්දුනීසියාවේ විවෘත කෙරේ

ජපන් සොල්දාදුවන්ගේ විස්තර ඇතුළත් ගැලරියක් ඉන්දුනීසියාවේ විවෘත කෙරේ

ලන්දේසි පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා ඉන්දුනීසියාවේ ඇති වූ සටන් සඳහා බොහෝ ජපන් සොල්දාදුවන් එකළ සිය දායකත්වය සැපයූහ.

 

එම ඓතිහාසික පරිච්ඡේදය සිහිපත් කරන ගැලරියක් පසුගියදා ජකර්තා හි දී විවෘත කරන ලදී.

 

එය විවෘත කිරීමේ උත්සවය ඊයේ (10) පැවැත්වුණු අතර එයට අතීත ජපන් සොල්දාදුවන්ගෙන් පැවත එන්නන් සහභාගී විය.  

 

ගැලරියට ජපන් සහ ඉන්දුනීසියානු රජයන් විසින් සටන්කරුවන්ට ලබා දුන් පින්තූර, පදක්කම් සහ සාක්ෂිකරුවන්ගේ ලිඛිත වාර්තා ඇතුළත් වේ.

 

මෙම අවස්ථාවට සහභාගී වූ සොල්දාදුවන්ගෙන් පැවත එන්නන් පැවසුවේ ගැලරිය ඔවුන්ගේ කතාව අනාගත පරම්පරාවට ලබා දීමට උපකාරී වනු ඇති බවයි.

 

views

225 Views

Comments

arrow-up