APR
19
ගෙවත්තකින් හමුවූ බිළිඳු මළසිරුරේ අභිරහස හෙළිවේ

Aichi ප්‍රාන්ත පොලිසිය විසින් බිළිඳු මළසිරුරක් අතහැර දමා යාම සම්බන්ධයෙන් සැකපිට Nagoya හි Naka-ku හි 29 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව එම ප්‍රාන්තයේම ටෝකොනමේ හි පිහිටි ඇගේ දෙමාපියන්ගේ නිවසේ ගෙවත්තේ මළ සිරුර දමා ගොස් ඇති බවට සැක කෙරේ.
මෙම දැරිය අලුත උපන් බිළිඳෙකු වන අතර දෘශ්‍යමාන තුවාල කිසිවක් නොතිබූ බව පරීක්ෂකයෝ පැවසූහ.
ඊයේ (18) පෙරවරුවේ සැකකාරියගේ මව වත්තේ වල් නෙළමින් සිටියදී මල් පාත්තියේ පස්වලින් මතුවී තිබූ දැරියගේ සිරුර හමුවී ඇත.
254 Views
Comments