JUN
30
ජපානයට අධික වර්ෂාපතනයක්

ජපානයේ කාලගුණ විද්‍යාඥයින් හෙට (30) දක්වා ජපාන මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නායයෑම් හෝ වෙනත් විපත් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවයි.
ඒ අනුව උතුරු කියුෂු හි මිලිමීටර් 250 දක්වා ද, දකුණු කියුෂු, ෂිකෝකු සහ කිංකි හි මිලිමීටර් 200 ක් ද, හොකුරිකු හි මිලිමීටර් 180 දක්වා ද වර්ෂාපතනය අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් තමන් සිටින ප්‍රදේශවල ආපදා අවදානම පරීක්ෂා කිරීම සඳහා උපද්‍රව සිතියම් භාවිතා කරන ලෙස ද නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
296 Views
Comments