ජපානය හා ප්‍රංශය එක්ව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක

ජපානයේ ගුවන් ස්වයං ආරක්ෂක බලකාය සහ ප්‍රංශ ගුවන් සහ අභ්‍යවකාශ බලකාය එක්ව ජපානයේ ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවත්වා තිබේ.
මෙය ඊයේ (28) සයිටමා ප්‍රාන්තයේ Tokorozawa නගරයේ Tokorozawa Koku අනුස්මරණ උද්‍යානයේ දී පැවැත්විණි.
ප්‍රදර්ශනයට පෙර ප්‍රංශ ගුවන් හා අභ්‍යවකාශ බලකායේ මාණ්ඩලික ප්‍රධානී ස්ටෙෆාන් මිලේ ඉන්දු පැසිෆික් කලාපයේ කලාපීය බලවතුන් අතර එදිරිවාදිකම් පිළිබඳව කනස්සල්ල පළ කළේය.
අභ්‍යාසයේ අණදෙන නිලධාරී එයාර් බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්ක් ලී බොයිල් පැවසුවේ ඉන්දු පැසිෆික් කලාපයේ ප්‍රංශ ජාතිකයන් මිලියන දෙකක් පමණ ජීවත් වන අතර ඔවුන් ආරක්ෂා කිරීම ප්‍රංශ ගුවන් හා අභ්‍යවකාශ හමුදාවේ මෙහෙවර බවයි.
357 Views
Comments