JUN
24
හුරුළුනිකවැවේ සුධම්ම ස්වාමීන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාව

හුරුළුනිකවැවේ සුධම්ම ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනා නිවේදනයක් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.
එය පහතින්.
ජපානයේ ෆුජි සුගත විහාරය, ෆුජි සුගත සෙනසුන, ෆුකුරොයි සුගත භාවනා මධ්‍යස්ථානය, කන්සයි සුගත භාවනා මධ්‍යස්ථානය, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, කුමගයා අනඳ මෙත් විහාරය, චිබා ආර්යනිකේතනය, තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානය ආදී විහාරස්ථාන මගේ දෑතින් සකසන ලද ඒවා වේ.
මේ සියලු පිං බෙළෙන් මා සසුනට පූජාකළ සීයා, ආච්චි, තාත්ති ටත් මාගේ ගුරුදේවෝත්තම නාහිමිපානන් වහන්සේලාටත් උතුම් නිවනම වේවා!!!
සුජීවත්ව වෙසෙන අම්මී ඇතුලු පවුලේ සැමටත් ගුරුදෙවිදුන්ටත් සිව්පසයෙන් උවටැන් කරණ සියලු ම දායක පිංවතුන්ටත් නිදුක් නීරෝගී දිගාසී සම්පත් ම වේවා!!!
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!
නිදුක් වෙත්වා!!!
නීරෝගි වෙත්වා!!!
සුවසේ ජීවත් වෙත්වා!!!
නිවන් දකිත්වා!!!
හුරුළුනිකවැවේ සුධම්ම භික්ෂු
2023-06-24
283 Views
Comments