ජපානයේ විදුලි ගාස්තු ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

ජපානයේ විදුලි ගාස්තු ඉහළට

ජපානයේ විදුලි ගාස්තු ඉහළට

ලබන මාසයේ සිට ජපානයේ විදුලි බිල වැඩි කිරීමට නියමිතයි.

 

ඒ ප්‍රධාන විදුලිබල සමාගම් විසින් ඉල්ලා සිටි අනුපාත වැඩිකිරීම් රජය අනුමත කිරීමෙන් අනතුරුවයි.  

 

ජපාන කර්මාන්ත අමාත්‍ය නිෂිමුරා යසුතොෂි පැවසුවේ නවතම ඉන්ධන මිල සහ අනෙකුත් සාධක හොඳින් සලකා බැලීමෙන් පසුව මිල ගණන් නැවත ගණනය කළ බවයි.

 

කම්කරුවන්ගේ වැටුප් මට්ටම් ද සැලකිල්ලට ගත් බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

 

ප්‍රධාන වශයෙන් නිවසේ භාවිතා කරන විදුලිය සඳහා ගාස්තු ඉහළ යාමට පෙර රජයේ අනුමැතිය අවශ්‍ය වේ.

 

තෝකියෝ ඉලෙක්ට්‍රික් පවර් සමාගම ඇතුළු සමාගම් හත ඔවුන්ගේ ගාස්තු ඉහළ නැංවීමට ඉඩ දෙන ලෙස රජයෙන් ඉල්ලා තිබුණි.  

views

310 Views

Comments

arrow-up