බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

ඉෂිකාවා ප්‍රාන්තයේ කොමාට්සු ප්‍රදේශයේ පොලිසිය සිය බිරිඳ ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසියට අනුව සිකුරාදා රාත්‍රී 10.30 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇත.

 

පොලිසිය පැවසුවේ කොන්ත්‍රාත් සේවකයෙකු වන Wataru Motoji තම බිරිඳගේ පිටේ වම් පැත්තට පිහියකින් ඇන ඇති බව පිළිගත් නමුත් හේතුව හෙළි නොකළ බවයි.

 

කාන්තාව රෝහල් ගත කර ඇති අතර ඇය ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

 

ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව තම බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ බව මොටෝජි පැවසූ බව පොලිසිය පවසයි.

 

views

236 Views

Comments

arrow-up