JUN
07
දොඹකරයක් විදුලි කණුවක ගැටීමෙන් ගෝස් නගරය අඳුරේ

ඊයේ (06) පෙරවරු 9.10 ට පමණ නාරා ප්‍රාන්තයේ ගෝස් නගරයේ කට්සුරාගි ගං ඉවුරේ තිබූ දොඹකරයක් පෙරළී ගොස් තිබේ.
පෙරලීමේදී දොඹකරය ප්‍රතිවිරුද්ධ ඉවුරේ තිබූ විදුලි කණුවක ද ගැටී තිබේ.
මේ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 140 කට පමණ විදුලිය තාවකාලිකව විසන්ධි විය.
51 හැවිරිදි දොඹකරයේ රියදුරු බේරී ඇති අතර ඔහුට තුවාල සිදුවී නොමැත.
241 Views
Comments