MAR
29
ජපාන රජය පිළිකා මර්දනය කිරීමේ සැලැස්ම යාවත්කාලීන කරයි

ජපාන රජය පිළිකා මර්දනය සඳහා වන මූලික සැලැස්ම යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂා කිරීම් ගණන වැඩි කිරීමෙන් රෝගය කල්තියා හඳුනා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.
මෙම සැලැස්මේ ඉදිරි වසර හය සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග අඩංගු වන අතර ඊයේ (28) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එය අනුමත කරන ලදී.
සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ජපානයේ සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම පිළිකාවක් වැළඳීමට ඉඩ ඇති බවයි.
234 Views
Comments