පොලිසියේ අත්වැරදීමකින් මළ සිරුරු දෙකක් මාරු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

පොලිසියේ අත්වැරදීමකින් මළ සිරුරු දෙකක් මාරු වේ

පොලිසියේ අත්වැරදීමකින් මළ සිරුරු දෙකක් මාරු වේ

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ (28) නිවේදනය කළේ නිෂියාරායි පොලිස් ස්ථානයේ තැන්පත් කර තිබූ මළ සිරුරු දෙකක් මාරු වී මල් ශාලාවකට භාර දුන් බවයි.  

 

මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව දෙපාර්ශ්වයේම වියෝවට පත් පවුල්වලින් සමාව අයැද සිටියේය.

 

පසුගිය 26 වැනි දින තෝකියෝ හි අඩාචි වෝඩ් හි රෝහලකදී සහ නිවසේදී වයස අවුරුදු 70 සහ 80 හැවිරිදි පිරිමින් දෙදෙනෙක් මිය ගියහ.  ඔවුන් කිසිවකුගේ මරණ සැක සහිත නොවන බව තහවුරු වූ බැවින් පසුදින නිෂිරායි පොලිස් ස්ථානය ඔවුන්ගේ සිරුරු මල්ශාලාවට භාරදෙන ලදී.

 

කෙසේවෙතත් එම අවස්ථාවේදී පොලිසිය විසින් මියගිය පුද්ගලයන්ගේ නම් සහ මුහුණු තහවුරු කිරීම පැහැර හැර ඇති බව වාර්තා වේ.

 

views

225 Views

Comments

arrow-up