ජපානයේ අධික වර්ෂාපතනය තවදුරටත්

ටෝකායි සහ කන්ටෝ ප්‍රදේශ වල ඊයේ (03) දිනත් වාර්තාගත අධික වර්ෂාපතනයක් පැවතුනි.
එය පැය 24 ක් තුළ ප්‍රාන්ත 8 ක ස්ථාන 23 ක වාර්තා වූ විශාලතම වර්ෂාපතනය විය.
මෙම අධික වර්ෂාව හේතුවෙන් Aichi ප්‍රාන්තයේ Toyohashi නගරයේ එක් අයෙකු මිය ගිය අතර Wakayama ප්‍රාන්තයේ සහ Shizuoka ප්‍රාන්තයේ පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇත.තවත් පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ කර ගෙන නොමැති අතර ප්‍රාන්ත 10 ක පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අයිචි ප්‍රාන්තයේ ටොයොකාවා ප්‍රදේශය ගංවතුරට ලක්ව ඇත.
බටහිර ජපානයේ සිට නැගෙනහිර ජපානය දක්වා අද හිරු රශ්මිය පවතිනු ඇති නමුත් බොහෝ ස්ථානවල පොළව ලිහිල් බැවින් නායයෑම්වලින් ප්‍රවේසම් වන්නැයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
359 Views
Comments