MAR
26
පොලිසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පෙරේදා (24) 7.10ට පමණ ඕසකා ප්‍රාන්තයේ ඉසුමි නගරයේ මිනොගාටා-චෝ ප්‍රදේශයේදී මිනීමැරීමට තැත් කිරීම සහ යුක්තිය පසිඳලීමට බාධා කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු විසින් මහල් නිවාස සංකීර්ණයක දෙවන මහලේ පිහිටි ඔහුගේ නිවස අවහිර කර පිහියක් අතැතිව සිට ඇත.
අසල්වාසියෙක් මේ බව පොලිසියට දන්වා ඇති අතර නිලධාරීන් පැමිණි අවස්ථාවේදී සැකකරු නිලධාරීන්ට පහර දී ඇත.එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් පිස්තෝලයකින් වෙඩි තැබූ අතර වෙඩි උණ්ඩය සැකකරුගේ දකුණු පපුවට වැදී ඇත.
201 Views
Comments