JUN
21
ශල්‍යකර්මයකින් පසු තරුණයෙකු මියයාමේ සිද්ධිය වෛද්‍ය අනතුරක් බව Aichi Medical Rehabilitation රෝහල නිවේදනය කරයි

2021 මැයි මාසයේදී නව යොවුන් වියේ තරුණයෙකු ශල්‍යකර්මයකින් පසු මියයාමේ සිද්ධිය වෛද්‍ය අනතුරක් බව Aichi ප්‍රාන්තයේ Medical Rehabilitation රෝහල ඊයේ (20) වෙනිදා නිවේදනය කළේය.
නිවේදනයට අනුව එම පුද්ගලයා හුස්ම ගැනීමට නොහැකි ආබාධිත පුද්ගලයෙක් වූ අතර එම මස 17 වැනි දින අර්ශස් රෝගය හේතුවෙන් රෝහල් ගත කර පසුදා එනම් 18 වැනි ශල්‍යකර්මයකට භාජනය විය.
ශල්‍යකර්මයෙන් පසු ඔහුට වේගවත් හෘද ස්පන්දනය වැනි රෝග ලක්ෂණ මතුවූ අතර ශල්‍ය තුවාලයෙන් නැවත ලේ ගැලීමෙන් පසුව ඔහු මිය ගියේය.
272 Views
Comments