ඊසාන දිග ජපානයට වාර්තාගත වර්ෂාපතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

ඊසාන දිග ජපානයට වාර්තාගත වර්ෂාපතනයක්

 ඊසාන දිග ජපානයට වාර්තාගත වර්ෂාපතනයක්

ජපානයේ ඊසාන දිග ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර නාය යෑමේ අවදානමද ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව අකිටා නගරයට ගතවූ පැය 48 ක කාලය තුළ මිලිමීටර් 243 ක වාර්තාගත වර්ෂාපතනයක් ලැබී ඇත.

 

නගරය හරහා ගලා යන ගංගාවක ඉවුරු බිඳීමෙන් නගරයට සහ ඒ අවට ප්‍රදේශයට ගංවතුර තත්වයක්ද ඇතිවිය.

 

ඊසානදිග ජපානයේ වර්ෂාව දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පහත් බිම්වල ගංවතුර, පිටාර ගැලීම් සහ නායයෑම් පිළිබඳ කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.

views

225 Views

Comments

arrow-up