ඩොල්ෆින් මත්ස්‍යයෙකු පහරදීමෙන් පුද්ගලයෙකු රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

ඩොල්ෆින් මත්ස්‍යයෙකු පහරදීමෙන් පුද්ගලයෙකු රෝහලේ

ඩොල්ෆින් මත්ස්‍යයෙකු පහරදීමෙන් පුද්ගලයෙකු රෝහලේ

අද (16) අලුයම ෆුකුයි ප්‍රාන්තයේ මිහාමා හි මුහුදේදී ඩොල්ෆින් මත්ස්‍යයෙකු විසින් පහර දීමෙන් මිනිසෙකුගේ ඉළ ඇටයක් කැඩී ගොස් තිබේ.

 

පසුගිය වසරේ සිට එම ප්‍රදේශයේ ඩොල්ෆින් මසුන් සපා කෑමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති අතර ප්‍රවේසම් වන ලෙස ප්‍රාන්ත පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

පොලිසියට අනුව ගිෆු ප්‍රාන්තයේ කානි ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි මෙම පුද්ගලයා තම පවුලේ අය සමඟ මුහුදු වෙරළට මීටර් 5 ක් පමණ දුරින් පිහිනමින් සිටියදී ඩොල්ෆින් මත්ස්‍යයාගේ ප්‍රහාරයට ලක්ව ඇත. 

 

 

views

203 Views

Comments

arrow-up