එයාර් ප්‍රාන්ස් මගී ගුවන් යානයක් දෝෂයක් හේතුවෙන් ජපාන ගුවන් තොටුපළ වෙත ආපසු පැමිණේ

ප්‍රංශයට අයත් මගී ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ජපානයේ බටහිර ඕසකා ප්‍රාන්තයේ පිහිටි ගුවන් තොටුපළ වෙත ආපසු පැමිණ තිබේ.
ජපානයේ ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 324 දෙනාගෙන් කිසිවකුට තුවාල සිදුවී හෝ අයහපත් සෞඛ්‍ය ගැන පැමිණිලි කර නොමැති බවයි.
පෙරේදා (28) උදෑසන කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් යානය ප්‍රංශයේ පැරිස්-චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළ වෙත පිටත් ව තිබේ.
නමුත් ගුවන් යානයේ කාලගුණ රේඩාර් සහ වේග මාපකයේ ගැටළුවක් හේතුවෙන් එය ජපානයේ ගුවන් තොටුපළ වෙත ආපසු හරවා ඇත.
291 Views
Comments