JUN
16
ගවයෙකුට පයින් ගැසූ ගොවිපල සේවකයෙක්ට වැඩ වරදී
බටහිර ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ ගවයෙකුට පයින් ගසන ගොවිපල සේවකයෙකුගේ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල පැතිරී ඇත.
දර්ශනවල දැක්වෙන්නේ ඔහු ගවයාට සවි කර ඇති ලණුවක් ඇද සතාගේ මුහුණට සහ බෙල්ලට කිහිප වතාවක් පයින් ගසන ආකාරයයි.
ෂිමානේ නිලධාරීන් ඕඩා නගරයේ ගොවිපල කළමනාකරුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු ගොවිපලේ සේවකයෙකු මෙම ක්‍රියාව සිදු කළ බව පිළිගෙන ඇත.
ගොවිපල සේවකයාගේ වැඩ තහනම් කර ඇත.
මෙම සිද්ධිය සත්ත්ව සුබසාධනය පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස පොලිසිය විමර්ශනය කරයි.
229 Views
Comments