APR
27
ජපන් ජාතිකයින් 49ක් සුඩානය හැර යයි

ජපන් ජාතිකයින් 49 ක් මේ වනවිට සුඩානයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ඔනෝ හිකාරිකෝ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ සුඩානයෙන් ඉවත් වීමට කැමැත්තක් නොතිබූ පුද්ගලයෙකුද මේ වනවිට රට හැර ගොස් ඇති බවයි.
එම පුද්ගලයා අසල්වැසි ඉතියෝපියාවට ගොඩබිමෙන් ගමන් කළ බව අමාත්‍යාංශයට දැනගන්නට ලැබුණු බවත් එහිදී පුද්ගලයා නිරුපද්‍රිතව සිටින බව තහවුරු වී ඇති බවත් ඇය පැවසුවාය.
274 Views
Comments