ජපානයේ ප්‍රබල භූකම්පන මාලාවක්

ඊයේ (05) රාත්‍රී 9.58 ට පමණ දෙවන වරටත් ඉෂිකාවා ප්‍රාන්තයේ භූමිකම්පාවක් හටගෙන තිබේ.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.8 ක් වූ අතර කිලෝමීටර් 10 ක් ගැඹුරින් නොටෝ ප්‍රදේශයේ නාභිගත වී ඇත.
භූ කම්පනය සුසු නගරයේ ජපන් භූ කම්පන පරිමාණයෙන් 5ක තීව්‍රතාවයක් ලෙස සටහන් විය.
නෝටෝ ප්‍රදේශයට මීට පෙර පස්වරු 2.42 ට පමණ රිච්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් ද ඇති විය.
ඉන් පසුව කුඩා කම්පන 5 ක් පමණ ඇති විය.
භූකම්පනය හේතුවෙන් එක් අයෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ මෙම භූ කම්පනයට සමාන තීව්‍රතාවයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් ඉදිරි සතියක පමණ කාලය තුළ කලාපය තුළ ඇති විය හැකි බවයි.
265 Views
Comments