මව ඝාතනය කළ පුත්‍රයා කොබේ පොලිස් භාරයට

කෝබේ පොලිසිය විසින් තම 91 හැවිරිදි මව ඔවුන්ගේ නිවසේදී ඝාතනය කළ බවට සැකපිට 69 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තම රෝගී මව ටොමෝකෝගේ ගෙල සිරකර මරා දැමූ බව මසාහිරෝ කෂිහාරා නම් අදාල සැකකරු පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.
තම මව රැකබලා ගැනීම නිසා ඇති වූ මානසික පීඩනය නිසා තම මව ඝාතනය කරන බව පවසමින් ඥාතියෙකුට ලිපියක් තැපෑලෙන් යැවූ කෂිහාරා අසල පිහිටි මයිකෝ උද්‍යානයේදී සියදිවි නසා ගැනීමට සැලසුම් කළ බවද පොලිසිය පවසයි.
මීට වසර තුනකට පෙර තම බිරිඳ මිය යාමෙන් පසු කාෂිහාරා තම මව සමඟ පදිංචියට ගොස් ඇයව තනිවම බලා ගෙන ඇති බවද වාර්තා වේ.
288 Views
Comments