APR
05
අමගසාකි දුම්රිය අනතුර සිහිගන්වමින් මල්වලින් කන්ජි අක්ෂරයක්

හ්යෝගෝ ප්‍රාන්තයේ අමගසාකි හි 106 දෙනෙකුට මරු කැඳවූ මාරාන්තික දුම්රිය අනතුරේ 18 වැනි සංවත්සරය පසුගිය දිනක පැවැත්වුණි.
එය අනුස්මරණය කරමින් අනතුර සිදුවූ ස්ථානයට නුදුරින් පිහිටි පිට්ටනියක “ජීවිතය” යන්න අර්ථවත් කරන කන්ජි අක්ෂරය මල් වලින් නිර්මාණය කරන ලදී.
ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි Hirofumi Hagimoto නම් පුද්ගලයෙකු 2015 දී කන්ජි අක්ෂර රටා වල මෙම මල් සිටුවීමට පටන් ගත්තේය.
දැන් ජීවත් වන අය සහ අනාගතයේ උපත ලබන අය මෙය දකිනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් එම අනතුර ගැන දැනගැනීමට එමගින් ඔවුන්ට හැකිවන බවත් Hagimoto පැවසීය.
335 Views
Comments