MAY
11
ටොංගා ආසන්නයේ භූමිකම්පාවක්

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ඊයේ (10) සවස 4.00 ට පසුව දකුණු පැසිෆික් සාගරයේ ටොංගා ආසන්නයේ රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇති වූ බවයි.
එහි සඳහන් වන්නේ භූමිකම්පාව කිලෝමීටර් 210 ක් පමණ ගැඹුරට නාභිගත වූ බවයි.
එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය පවසන්නේ සුනාමි තර්ජනයක් නොමැති බවයි.
269 Views
Comments