MAR
25
ජපානයේ උෂ්ණත්වය ඉහළට

දකුණු ජපානයේ සිට එන උණුසුම් වාතයේ බලපෑමෙන් ඊයේ (24) විවිධ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගිය අතර කන්ටෝ සහ ටෝකායි ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් ලෙස දැක්විණි.
වසර 10කට පසු මාර්තු මාසය තුළ තෝකියෝවේ උෂ්ණත්වය මෙතරම් ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම තෝකියෝ ඇතුළු ස්ථාන 59ක උෂ්ණත්වය නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව ඉහළම උෂ්ණත්වය Kawanehon නගරයෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 27.1කි.
එමෙන්ම Shizuoka ප්‍රාන්තයේ Kamogawa නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26.2ක් ලෙස දැක්විණි.
269 Views
Comments