JUN
03
ටොයෝටා කම්හල් දෙකක රාත්‍රී මෙහෙයුම් අත්හිටුවයි

ටොයෝටා මෝටර් කෝපරේෂන් විසින් අධික වර්ෂාව හේතුවෙන් අයිචි ප්‍රාන්තයේ කම්හල් දෙකක රාත්‍රී මෙහෙයුම් ඊයේ (02) සිට අත්හිටුවන ලදී.
මේ අනුව අත්හිටුවා ඇත්තේ Corolla සහ Prius නිපදවන Tsutsumi Plant සහ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමය වන Lexus නිෂ්පාදනය කරන Tahara Plant හි මෙහෙයුම් වේ.
අද (03) සහ හෙට (04) දින නිවාඩු දින වන අතර ඉන් පසු මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
241 Views
Comments