ශ්‍රී ලංකාවට කොදෙව්වන්ගෙන් දැඩි අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ශ්‍රී ලංකාවට කොදෙව්වන්ගෙන් දැඩි අභියෝගයක්

ශ්‍රී ලංකාවට කොදෙව්වන්ගෙන් දැඩි අභියෝගයක්

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය නිමාවන විට තරඟයේ වාසිය දෙපිළටම විවෘතව පවතින බව ක්‍රිකට් විචාරකයින් පවසයි.

 

ඒ අනුව ඊයේ(01) දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු‍ දෙකක් දැවී ලකුණු 46ක් ලබා සිටියේය.

 

සංචාරක කොදෙව් කණ්ඩායම තවත් ලකුණු 03ක් ඉදිරියෙන් සිටී.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු‍ 2කම දුවද්දී දැවීයෑම වීම විශේෂත්වයක්වේ.

 

දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි පැතුම් නිස්සංක ලකුණු 21ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 04ක් රැස් කරගෙන සිටියහ.

 

තරඟයේ පළමුව පන්දුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සියලු‍දෙනා ලකුණු 253ක් රැස් කළහ.

 

තරඟයේ හතරවන දිනය අදයි.

views

596 Views

Comments

arrow-up