පැවති ලෝක කුසලාන ජයක් අභියස ශ්‍රී ලංකාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

පැවති ලෝක කුසලාන ජයක් අභියස ශ්‍රී ලංකාව

පැවති ලෝක කුසලාන ජයක් අභියස ශ්‍රී ලංකාව

එළැඹෙන 20 - 20 ලෝක කුසලාන තරඟාවලිය නිමිති කරගෙන ICC විසින් පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිවලදී සිදුවූ හොඳම සිදුවීම තේරීමේ තරඟයක් ආරම්භ කර තිබේ. 

 

පැවති 20 - 20 ලෝක කුසලාන හය තුළ සිදුවූ අති විශාල සුවිශේෂී සිදුවීම් අතරින් ඔවුන් සිදුවීම් 32ක් තෝරාගෙන ඇත. 

 

ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුගේ දක්ෂතා ඇතුළත්වී තිබේ. 

 

ඒ රංගන හේරත්ගේ පන්දු යැවීමක්, ලසිත් මාලිංගගේ පන්දු යැවීමක් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු රැකීමකුයි. 

 

හොඳම සිදුවීම තේරීම සඳහා සිදුවීම් දෙකක් අතරින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා සිදුවීම තේරී පත්වේ. 

 

ප්‍රේක්ෂකයින්ගේ ඡන්දය මේ සඳහා භාවිතා කරනු ලබයි.

 

මාලිංගගේ කඩුළු 5ක් ලබා ගැනීමේ අවස්ථාව සහ මැතිව්ස්ගේ හත⁣රේ සීමාව අසල සිදු කරන ලද විශිෂ්ඨ පන්දු රැකීමේ අවස්ථාව සඳහා වූ ඡන්දය දීමේ අවස්ථාව මේ වන විට අවසන්ව ඇති  අතර රංගන හේරත් සඳහා අද දින ඡන්දය ලබා දීමේ හැකියාව පවතී. 

 

රංගන හේරත් 2014 ලෝක කුසලානයේදී නවසීලන්තයට එරෙහිව ලබා ගත් කඩුළු 5 අවස්ථාව සහ එංගලන්තය දකුණු අප්‍රිකාවට එරෙහිව 2016 දී සිදු කළ හඹා යාම අද දින ඡන්දය සඳහා ඉදිරිපත් කර තිබේ. 

 

ICC නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා ඡන්දය භාවිතා කල හැකියි.

views

674 Views

Comments

arrow-up