නිදහස සමරමින් දළදා මාලිගාවෙන් පෙරහැරක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

නිදහස සමරමින් දළදා මාලිගාවෙන් පෙරහැරක්

නිදහස  සමරමින්  දළදා මාලිගාවෙන් පෙරහැරක්

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ජනරජ පෙරහර පෙබරවාරි 19 වනදා මහනුවර නගරයේ දී වීථි සංචාරය කිරීමට නියමිතයි.

 

මෙය සංවිධානය කර තිබෙන්නේ 75 වන නිදහස් සැමරුමට සමගාමීවය. එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

 


පෙබරවාරි 19 දා ප.ව. 6.30 ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවැදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බව ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරි ජයම්පති වැද්දාගල මහතා සඳහන් කර සිටි.

views

214 Views

Comments

arrow-up