තවත් රුපියල් ලක්ෂ 272,800 ක් අච්චු ගහලා – කීර්ති තෙන්නකෝන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

තවත් රුපියල් ලක්ෂ 272,800 ක් අච්චු ගහලා – කීර්ති තෙන්නකෝන්

තවත් රුපියල් ලක්ෂ 272,800 ක් අච්චු ගහලා – කීර්ති තෙන්නකෝන්

2022 පෙබරවාරි 27 සිට මාර්තු 28 දක්වා මාසයක කාලය තුළ මහ බැංකුව විසින් රුපියල් මිලියන 216,470 ක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

 

කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගසා ඇති සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 4,434,700 ක් එනම්, රුපියල් බිලියන 443.47 ක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

 

පසුගිය (28) දිනයේ අච්චු ගැසූ රු. ලක්ෂ 222,800 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 28 දක්වා) අච්චු ගසා ඇති මුළු මුදල රුපියල් මිලියන දාසය ලක්ෂ පනස් තුන්දහස් එකසීයක් බව (රු. මිලියන 1,653,100) තෙන්නකෝන් මහතා පවසනවා.

 

තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ , IMF ශ්‍රී ලංකාව වාර්තාවේ දක්වා ඇති මුදල් අච්චු ගැසීම පාලනයට රජය උත්සහ නොකරන බවයි.

views

627 Views

Comments

arrow-up