කියූ විදියටම අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කළ අයෙකු අත්අඩංගුවට ගැනේ

ළමුන් සම්බන්ධ කරගත් අසභ්‍ය දර්ශන සහිත video සහ ඡායාරූප 500ක් පමණ අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
නව තාක්ෂණය යොදා ගනිමින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කෙරුණු විශේෂ උපාංග සහ දත්ත පද්ධති භාවිතයෙන් මෙවැනි කුඩා ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඊයේ සිට ආරම්භ කර ඇති බවයි පොලිස් මාත් ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ.
1440 Views
Comments