FEB
14
වතුර භාජනයට වැටී පුංචි සිඟිත්තා මරු දකී

නිවස ඉදිරිපිට වතුර කරාමය අසල තිබුණු කුඩා ජලය සහිත බකට් එකකට වැටිමෙන් අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා බිළිඳෙකු ඊයේ(13) දහවල් මියගොස් ඇතැයි තිණියාවල පොලිසිය පවසයි.
තිණියාවල, 06 කණුව, නෙළුව පාර, පැලවත්ත මරේන් නිරෝෂ්ගේ ඔිෂධ නෙත්සිරි නැමති බිළිඳි දරුවෙකු මෙලෙස මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
පියා සමඟ සිටි දරුවා මොහොතකින් ඔහුගෙන් ඉවත්ව ගොස් ඇති අතර පසුව සොයා බලනවිට නිවස අසල රෙදි සොදා ඉතිරිව තිබු සබන් වතුර සහිත කුඩා වතුර භාජනයකට වැටී මියගොස් සිටියදි හමුව ඇත.
693 Views
Comments