අප්‍රේල් 30 ​සිට පොදු ස්ථානවලට ඇතුළුවීමට පූර්ණ එන්නත්කරණය අනිවාර්යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

අප්‍රේල් 30 ​සිට පොදු ස්ථානවලට ඇතුළුවීමට පූර්ණ එන්නත්කරණය අනිවාර්යයි

අප්‍රේල් 30 ​සිට පොදු ස්ථානවලට ඇතුළුවීමට පූර්ණ එන්නත්කරණය අනිවාර්යයි

අප්‍රේල් මස 30 වනදා සිට මෙරට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

 

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම තවමත් ඇත්තේ 54% ක ප්‍රමාණයක බවත් මෙය සෑහීමකට පත්විය හැකි ප්‍රතිශතයක් නොවන බවයි ඔහු සඳහන් කළේ.

 

80% ඉක්මවාගිය පසු ඔවුන්ට ප්‍රතිශක්තිකරණයක් ඇති බවට විශ්වාස කළ හැකි බවත් අනෙකුත් රටවලද ප්‍රතිශක්තීකරණය හොඳින් පැවතීම නිසා ඔවුන් මුව ආවරණද ඉවත් කර ඇති බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

 

ශ්‍රී ලංකාවද අදාළ ප්‍රතිශතය ඉක්මවන තුරු මුව ආවරණ ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

views

603 Views

Comments

arrow-up