වැවේ පාවෙමින් තිබූ අභිරහස් ලෙස මියගිය කාන්තාවගේ මළ සිරුර

නිකවැරටිය, ගලපිටියාගම වැවේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් පසුගිය 04 වනදා අලුයම සොයා ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය කියයි.
මෙම කාන්තාව ගලපිටියාගම ප්‍රදේශයේම පදිංචි එක්දරු මවක් වන 59 හැවිරිදි ධම්මිකා පතිරණ බවට මූලික පරීක්ෂණවලදී හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වැවේ මාලු ඇල්ලීමට අලුයම වැවට පැමිණි ධීවරයින් කාන්තා මළ සිරුර ජලයේ පාවෙමින් තිබෙනු දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සිරුර ගොඩ ගෙන පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට භාරදී තිබේ.
මෙම කාන්තා්වගේ මරණය කුමණ වෙලාවක කෙසේ සිදු වූවාද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මිය ගිය කාන්තාවගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
1043 Views
Comments