ඉන්ධන අර්බුදයෙන් බැට කමින් බස් රියේ “ඩිකියට” වැටුණු අපේ ළමයි (VIDEO)

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මේ වනවිට පොදු ප්‍රවාහන සේවයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ.
ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම නිසා පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් ධාවනයෙන් ඉවත් වී ඇති බවට තොරතුරු වාර්තාවේ.
එවන් පසුබිමක පුද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඉන්ධන සැපයීමට කටයුතු සූදානම්කර ඇත.
නමුත් තෙල් නොමැතිවිම හේතුවෙන් පෞද්ගලික බස් රථ බොහොමයක් සේවයෙන් ඉවත් වි ඇති වට පිටාවක අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.
පාසල් ආරම්භයත් සමග පාසල් ලමුන් පිරිසක් මොණරාගල ඩිපෝවට අයත් බස් රථයක ඉතා භයානක ලෙස ගමන් කරන විඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වේ.
එම විඩියෝව පහතින්
657 Views
Comments